Online Store

header ads

iPhone 17 series එකට තරඟ කරන්න 16 series එක මගහැරපු Xiaomi

 

Xiaomi සමාගම Apple හි නව iPhone 17 series සමඟ තරඟ කිරීම සඳහා, 16 series මඟහැර, මේ මාසයේදී Xiaomi 17 series එක කෙලින්ම එළිදක්වන්නට තීරණය කර තිබෙනවා. මේ බව Xiaomi සභාපති Lu Weibing විසින් Weibo ඔස්සේ නිවේදනය කර ඇත.


නව පෙළගැස්මට Xiaomi 17, 17 Pro, සහ 17 Pro Max යන මොඩල් ඇතුළත් වේ. මෙම මාදිලිවලට අලුත්ම Snapdragon 8 Elite Gen 5 ප්‍රොසෙසරය ලැබෙන අතර, මූලික මාදිලිය වන Xiaomi 17 හි මිල වැඩි නොකර, නව පහසුකම් රැසක් එක් කර තිබෙනවා.


Xiaomi 17 Pro හොඳ කැමරාවක් සහිත ෆෝන් එකක් ලෙස හැඳින්වෙන අතර, 17 Pro Max එක Xiaomi සමාගමේම හොඳම සහ බලවත්ම ෆෝන් එක ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම, 17 Pro Max එකට පිටුපසින් තවත් කුඩා තිරයක් තිබිය හැකි බවටද ආරංචි පවතිනවා.


මීට අමතරව, Xiaomi 17 එකට 120Hz Refresh rate එකක් සහිත අඟල් 6.3ක LTPO OLED තිරයක්, 7,000mAh බැටරියක් සහ තිරය යටින් ක්‍රියා කරන ඇඟිලි සලකුණු සෙන්සරයක් ඇතුළත් වේ.