Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW


Apple siri යනු Apple උපාංගවලට එන Smart Assistant කෙනෙක්. මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ AI හරහායි. කුමක් හෝ ප්‍රශ්නයක් එයට යොමු කළ විට ක්ෂණිකව පිළිතුරු ලබා දීම මෙමගින් සිදුවේ. මේ හරහා වැඩ පහසු කර දෙන අතර කාලයද ඉතුරු කර ගැනීමටද මෙය වඩාත් උපකාරී වනවා.

කෙසේවෙතත් Apple සමාගම Siriව තවත් වැඩිදියුණු කිරීම සඳහා OpenAI (ChatGPT) හෝ Anthropic (Claude) වැනි AI සමාගම්වල තාක්ෂණය Siriට එකතු කිරීම ගැන සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා.


මෙය Apple සමාගමේ හදිසි තීරණය වන අතර, Siri වැඩි දියුණු කිරීම සඳහා වෙනත් AI සමාගම්වල උදව් ගත් පළමු අවස්ථාවයි.


Apple තමන්ගේම AI පද්ධතියක් Siri සඳහා සාදාගෙන යමින් සිටියදී, තවදුරටත් Siri වඩාත් වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා තවත් විකල්ප සොයමින් සිටිනවා.


Siri වැඩිදියුණු කිරීම 2026 වසරට නියම කර ඇති අතර, මේ AI පසුබැසීම නිසා Apple තුළ පාලන වෙනස්කම්ද සිදු වී තිබෙනවා.


Apple තවමත් අවසන් තීරණයකට එළඹී නැති අතර Siri සඳහා OpenAI හෝ Anthropic එකක් භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය වී නැහැ.

Previous Post Next Post