ඉදිරියේදී නිකුත් වීමට නියමිත iPhone 17 Pro Max දුරකථනයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
මෙම Leak වුණ ඡායාරූප කිහිපයෙන් පේනවා ඊළඟට එන iPhone 17 Pro Max එක මොන වගේද කියලා.
ඒ අතරින් විශේෂ වෙනසක් තමයි Apple ලොගෝ එකේ පිහිටීම්. iPhone 11 (2019) සිට නිකුත් කළ iphoneවල Apple ලොගෝව පසුපස මැද පිහිටා තිබුණත් මෙම ඡායාරූපවලින් දැකගැනීමට හැකි වෙන්නේ ලොගෝව පහළට ගෙන ගිහින් තියෙන බවක්. මෙය MagSafe clear case එකේ රිංග් එකට සරිලන පරිදි හැඩකර නිර්මාණය කර තිබෙන බවක් දැකගන්න පුළුවන්.
කෙසේවෙතත් Apple සමාගම විසින් මෙය තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.

