Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

 


අපේ මොළය සහ පරිගණකය අතර සම්බන්ධතාවයක් ඇති කරන්න කාලයක් තිස්සේ මිනිසුන් ලොකු උත්සහයක යෙදුණා. 

එහි ප්‍රතිඵලයක් විදිහට වර්තමානය වන විට මනසින් පරිගණක හසුරුවන පරිපථයක් නිර්මාණය වෙලා තියෙනවා. 

ලොව විශාලම ධනපතියෙක් වන Elon Musk ඇතුළු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තමයි මේ පරිපථය නිර්මාණය කරලා තියෙන්නෙ.

Neuralink ලෙස හැඳින්වෙන මෙම පරිපථයෙන් සරලවම සිදුවෙන්නේ අපේ ස්තුවිලි වලින් අවට තියෙන උපකරණ පාලනය කරන එක. 

ඉතින් දැන් අපි බලමු මේ පරිපථයේ ක්‍රියාකාරිත්වය සිදුවෙන්නෙ කොහොමද කියලා. අපේ මොලයේ තිබෙනවා ස්ථර(layers) දෙකක් prefrontal cortex සහ limbic system structures කියලා. limbic system structures එකෙන් සිදුවෙන්නෙ අපේ ශරීරයේ කොටස් පාලනය කිරීම සහ ශරීර අභයන්තරයේ පද්ධති පාලනය කිරීම. ඒවගේම prefrontal cortex එකෙන් තමයි අපි හිතන්නෙ.

ඉතින් මේ Neuralink හරහා සිදුකරන්න යන්නෙ අපේ මොළයට තුන්වෙනි ස්ථරයක් දෙන එක. 

Previous Post Next Post