Meta (Facebook) සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග්, දැන් AI තාක්ෂණයෙහි නායකත්වය අරමුණු කරගෙන දැඩි වැඩපිළිවෙලක යෙදී සිටිනවා.
ඔහුගේ අරමුණ වන්නේ මනුෂ්‍ය බුද්ධියට වඩා, වඩාත් ශක්තිමත් AI (Superintelligent AI) එකක් නිර්මාණය කිරීමයි.
ඒ සඳහා ඔහු නව AI කණ්ඩායමක් (superintelligence team) පිහිටුවා තිබෙනවා.
මේ කණ්ඩායමට ලොකු වැටුප් දෙන අතර, රු. 860 කෝටියක් වටිනා Package දෙන බවයි වාර්ත වන්නේ.
ඔහු WhatsApp, Email හරහාම විශිෂ්ට ඉංජිනේරුවන්ට පණිවිඩ යවා, ඔවුන්ට Meta එකට ආරාධනා කරනු ලබන බවද සඳහන්.
කෙසේවෙතත් Meta සමාගමේ AI ප්‍රධාන විද්‍යාඥයා වන Yann LeCun පවසන්නේ, මේ ආකාරයට superintelligence එකක් සෑදීම විශිෂ්ට ක්‍රමයක් නොවන බවයි.

