Online Store

header ads

Reflection AI හි දැවැන්ත පිම්ම: ඩොලර් බිලියන 2ක ආයෝජනයක් සමඟ DeepSeek හට සෘජු අභියෝගයක්!


ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය යළිත් කැලඹීමකට ලක් කරමින්, නවතම ඇමරිකානු AI ස්ටාර්ට්අප් එකක් වන Reflection AI සමාගම විශාල සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

Reflection AI සමාගම ආරම්භ කර ඇත්තේ කලින් Google DeepMind හි සේවය කළ ඉතා දක්ෂ පර්යේෂකයන් දෙදෙනෙකු විසින්. AI ලොවේ අත්දැකීම් බහුල මෙම ආරම්භකයන් කෙරෙහි ආයෝජකයින් තැබූ දැවැන්ත විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස, සමාගමට ඩොලර් බිලියන 2ක අතිවිශාල අරමුදල් වටයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම ප්‍රබල ආයෝජනත් සමග, සමාගමේ සමස්ත වටිනාකම කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපාරයට Nvidia, Sequoia ඇතුළු ලොවම අවධානය දිනාගත් ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක්ද දායක වී සිටීම විශේෂත්වයක්.

Reflection AI සමාගමේ ලොකුම අරමුණ වී ඇත්තේ ගෝලීය AI ක්ෂේත්‍රයේ නීති වෙනස් කිරීමයි. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ

තමන් විසින් නිර්මාණය කරන සියලුම අති නවීන AI තාක්ෂණයන් සහ පද්ධති, ලෝකයේ ඕනෑම කෙනෙකුට නිදහසේ භාවිතා කිරීමට සහ සංවර්ධනය කිරීමට ඉඩ සැලසීමයි.

මේ තුළින් "බටහිර ලෝකයේ ප්‍රමුඛතම විවෘත මූලාශ්‍ර AI ආයතනය" ලෙස මෙය තහවුරු වෙනවා.

මෙම මෙහෙයුම සෘජුවම අභියෝග කරන්නේ DeepSeek වැනි වේගයෙන් දියුණු වන චීනයේ AI දැවැන්තයන්ටයි.

ඇමරිකාව විශාල ලෙස මුදල් යොදවමින් සූදානම් වන්නේ, විවෘත මූලාශ්‍ර AI තරඟයේදී ලෝකයේ බල තුලනය තම අතට ගැනීමට බව මෙයින් පැහැදිලියි.