Online Store

header ads

Xiaomi AI Smart Glasses: කියන තරම්ම අවුල්ද?


Xiaomi එකෙන් ආපු අලුත්ම AI Smart Glasses ගැන Tech World එකේ ලොකු කතාවක් යනවා. මේක සාමාන්‍ය Glasses එකක් වගේම, අපේ Smart යුගයට ගැලපෙන වැඩ කෑලි එකතු කරලා හදපු, First-Generation Product එකක්. විශේෂයෙන්ම Content Creators ලාට මේකෙන් ලොකු Benefit එකක් තියෙනවා. හැබැයි, සති තුනක් විතර Real-World එකේ Use කරද්දි, මේකේ තියෙන Pros වගේම Cons ටිකකුත් තියෙනවා කියලා පැහැදිලි වෙනවා.

මේ Glass එකේ Camera සහ Video Quality ගැන කතා කළොත් මේ Smart Glasses වල Highlightම දේ තමයි Hands-Free (අතින් අල්ලන්නේ නැතුව) 2K Resolution වීඩියෝ Record කරන්න පුළුවන් වීම. වීඩියෝ Record වෙන්නේ 4:3 Aspect Ratio එකට. ඒක නිසා Content Creator කෙනෙක්ට පහසුවෙන් 16:9 හෝ 9:16 (Shorts/Reels) විදිහට Crop කරගන්න පුළුවන්. ඇවිදින ගමන් Video එක ගත්තොත් Stabilization හොඳයි. හැබැයි, හදිසි Movement එකකදී ඒක එතරම්ම Smooth නැහැ. මේක Dynamic Scenarios වලදී Limitation එකක්.

ඒවගේම Comfort සහ Audio Experience ගැන කියනවනම් මේක Lightweight (ග්‍රෑම් 400-540) වුණත්, ටික වෙලාවක් පැළඳගෙන ඉන්නකොට නහය උඩින් (Nose Bridge) පොඩි Discomfort එකක් එන්න පුළුවන්. 

Bone Conduction Technology එකක් තියෙන නිසා, Headphones දාගෙන ඉන්නවා වගේ නොවී, අවට Sound එක ඇහිලා පරිසරය ගැන Awareness එකක් තියාගන්න පුළුවන්. ඒක Safety අතින් ලොකු Plus Point එකක්.

අනිත් වැදගත්ම දේ කියලා හිතෙන දේ තමයි මේකෙ එන AI Features. ඇත්තටම "AI Smart Glasses" කියලා කිව්වට, මේකේ තියෙන Artificial Intelligence (AI) Features එතරම්ම Advanced නැහැ.

ඒවගේම මේ Glass එකට Object Recognition සහ Translation Software එකක් තියෙනවා. හැබැයි, Translation එක වැඩිපුරම Optimized කරලා තියෙන්නේ Chinese භාෂාවට. අනෙක් භාෂා වලට Real-Time Use එකට ප්‍රමාණවත් වෙන තරමට Fast නැහැ. Lag එකක් තියෙනවා.

මේකෙ තියෙන Connectivity ගැන කියනවනම් Files Transfer කරන්න සහ Software Update කරන්න Companion App එකක් ඕනේ. ඒකත් ටිකක් Clumsy (අවුල්) වගේ. High-Resolution වීඩියෝ Transfer කරද්දි Quality Loss වෙන Issue එකකුත් තියෙනවා.

ඊළග දේ තමයි Battery එකේ Performance.
සාමාන්‍ය Use එකේදී පැය 8 ක් වගේ Battery Life එකක් දෙනවා. අඛණ්ඩව Video Record කරනවා නම් 40-45 Minutes වගේ කෙටි Time Period එකකට විතරයි Battery එක Last වෙන්නේ. ඒක ඇත්තටම Content Creator කෙනෙක්ට නම් ලොකු Inconvenience එකක්. Power Bank එකක් Attach කරලා Charge කරන්න පුළුවන් වුණත්, ඒක හැමෝටම පහසු Setup එකක් නෙවෙයි. 

ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති මේ Glass එකේ හැදෙන්න ඕන අඩුපාඩු ගොඩාක් තියෙනවා කියලා.

මේ Glass එකේ Price එක කීයක් කියලද හිතන්නේ?

මේකේ Price එක දළ වශයෙන් $280 (රු. 85,000 ක පමණ අගයක්) වගේ වෙනවා.

Hands-Free Video Recording අවශ්‍ය Niche Users (විශේෂිත අවශ්‍යතා තියෙන අයට) මේක ගොඩක් වටින Product එකක් කියල කියන්න පුළුවන්. හැබැයි, Ray-Ban Meta වගේ Competitors (තරඟකරුවන්ට) සාපේක්ෂව, Display Screens නැති නිසා Augmented Reality (AR) හෝ Real-Time Navigation වගේ Features වලට මේක එතරම්ම Versatile නැහැ.

Xiaomi AI Smart Glasses කියන්නේ, Content Creation පැත්තට හොඳ Potential එකක් තියෙන Innovative Gadget එකක්. ඒත් First-Gen එකක තියෙන Issues ටිකක් මේකෙත් තියෙනවා. 

ඉතින් මේ Gadget එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහළින් කමෙන්ට් එකක් දාන්න.

#aluthtech #xiaomi #smartglasses