Google සමාගම, මෙහෙයුම් පද්ධති දෙකක් වන Android (දුරකථන සහ ටැබ්ලට් සඳහා) සහ ChromeOS (ලැප්ටොප් සඳහා) එකට එකතු කර 'Aluminium OS' නමින් මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) නිර්මාණය කිරීමට සූදානමින් සිටිනවා.
ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ ලැප්ටොප් සහ දුරකථන දෙකේම එක හා සමාන අත්දැකීමක් ලබා දීමයි.
ඒවගේම මේ OS එක AI එක්ක තමයි බලගැන්වෙන්නේ.
Googleලා කියන විදිහට 2026 දී වෙළඳපොළට පැමිණීමට අපේක්ෂා කෙරනවා කියලා තමයි ආරංචි.
ඉතින් මේ හරහා සියලුම Devices වල Software කිසිම බාධාවක් නැතුව පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා වගේම, Software නිර්මාණය කරන Developersලගේ වැඩත් පහසු වෙනවා.
දැනට පවතින ChromeOS තියෙන Devices වලට Update ලැබෙනවා කියල තමයි කියන්නේ, ඒත් අන්තිමේදී මේ අලුත් Aluminium OS එකෙන් ChromeOS එක සම්පූර්ණයෙන්ම Replace කරනවාලු.
2026දී එන්න හදන මේ Aluminium OS එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
