Online Store

Meta Quest 3 එකට එකතු වුණ අලුත්ම Features



⭕ Meta Quest 3 කියලා කියන්නේ Virtual Reality (VR) සහ Augmented Reality (AR) යන දෙකම කළ හැකි Mixed Reality (MR) Headset එකක්. Meta Quest 2 හි වඩාත් දියුණු අනුප්‍රාප්තිකයා තමයි Meta Quest 3 කියන්නේ.

⭕ Quest 3 හි ප්‍රධානතම දියුණුව තමයි Mixed Reality කියලා කියන්නේ. Full-Color Passthrough (සම්පූර්ණ වර්ණ Passthrough) තාක්ෂණය මඟින් Headset එක පැළඳ සිටියදීම, ඔබ සිටින සැබෑ ලෝකය සම්පූර්ණ වර්ණයෙන් සහ පැහැදිලිව දැකීමට පුළුවන්. මෙමඟින් සැබෑ කාමරයේ බිත්තිවල හෝ ගෘහ භාණ්ඩ මත Virtual (අථත්‍ය) දේවල් තබා සෙල්ලම් කිරීමට/වැඩ කිරීමට පුළුවන්.

වැඩි දියුණු කළ Visuals සහ තිරයේ Resolution එක නිසා 4K විදිහට දේවල් දැක ගැනීමටත් හැකි වෙනවා වගේම Quest 2 ට වඩා 30% කින් පමණ පැහැදිලියි.

⭕ Performance අතින් ගත්තහම නවතම Snapdragon XR2 Gen 2 Processor එක  මේකට භාවිතා කරලා තියෙන නිසා Quest 2 හි තිබූ Chip එකට වඩා දෙගුණයක් පමණ බලවත්. ඒ නිසා වඩාත් සංකීර්ණ සහ වේගවත් ක්‍රීඩා සහ යෙදුම් (Apps) ධාවනය කිරීමටත් හැකියාව ලබා දෙනවා.

⭕ ඉතින් සරලවම කිව්වොත් Meta Quest 3 කියන්නේ ඉතා බලවත්, ඉතා පැහැදිලි දර්ශන ඇති, සහ සැබෑ ලෝකය සමඟ මිශ්‍ර වී අලුත් අත්දැකීම් ලබා දිය හැකි නව පරම්පරාවේ Mixed Reality Headset එකක්

🔰 දැන් බලමු මේ Meta Quest 3 එකට එකතු වුණ අලුත්ම feauters මොනවද කියලා

🔴 Meta Quest 3 Update එකෙන් පස්සෙ එකතු වෙලා තියෙන අලුත්ම features දෙක තමයි SysPTW සහ Temporal Dimming කියන්නේ

🔷 මුලින්ම බලමු SysPTW හරහා මොකද වෙන්නේ කියලා

▫️️System Positional TimeWarp (SysPTW)

හරහා ඔබ Headset එක පාවිච්චි කරන විට Screen එකේ ඇතිවන ගැස්සීම් (Shakes) සහ ප්‍රමාදයන් (Lags/Delays) අවම කිරීමට උදව් වෙනවා. තවත් සරලව කියනවනම්

තිරයේ දෝෂ අඩු කර, දර්ශනය ඉතාම පැහැදිලිව පෙන්වීමට මෙය උපකාරී වෙනවා.

🔷 ඊළඟට බලමු Temporal Dimming හරහා මොකද වෙන්නෙ කියලා

▫️️මේ හරහා ඔබ Headset එක දිගින් දිගටම පාවිච්චි කරන අතරතුර තිරයේ එළිය (Brightness) ටිකෙන් ටික අඩු වෙනවා

ඒ හින්දා ඇස් වෙහෙසීම අඩු වෙනවා වගේම බැටරියේ ආරෝපණය වැඩි වෙලාවක් පවතිනවා. ඒවගේම තිරයේ ක්‍රියාකාරිත්වය (Performance) වැඩි කිරීමටත් මෙය උපකාරී වෙනවා.