Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් එක්ක 2026 වසර කියලා කියන්නේ අපේ ඩිජිටල් ජීවිතයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට ගමන් කරන කාලයක්. මෑතකදී නිකුත් වෙලා තිබෙන වාර්තාවලට අනුව, මේ පාර සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානම භූමිකාව රඟපාන්නේ කෘතිම බුද්ධිය. 

අපි නිකමට අතීතය ගැන කතා කළොත් ඒ කාලෙ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ ඒකට පිළියම් යොදන එක සාමාන්‍ය ක්‍රමය වෙලා තිබුණා. ඒත් 2026 දි මේක වෙනස් වෙලා තිබෙනවා. තවත් පැහැදිලි කළොත් AI තාක්ෂණය මඟින් ප්‍රහාරයක් එල්ල වීමටත් කළින් එය හඳුනාගෙන වළක්වා ගන්න ආරක්ෂක පද්ධති සමත්වෙලා තිබෙනවා. තවත් සරලවම කිව්වොත්, මෘදුකාංග මගින් තමන්ගේ ආරක්ෂාව ගැන ස්වයංක්‍රීයව තීරණ ගන්නවා කියන එක.

ඉතින් වර්තමානයේ තිබෙන ලොකුම තර්ජනය තමයි AI මඟින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ සහ හඬවල් (Deepfakes) කියන්නේ. 2026 දී මේවා කොච්චර තාත්විකද කිව්වොත්, සාමාන්‍ය පුද්ගලයෙකුට එය සැබෑවක්ද නැද්ද යන්න වෙන්කර හඳුනාගැනීමට තරම් අපහසු වෙලා තිබෙනවා. මේකෙන් බේරෙන්නනම් සමාගම්වලට නවීනතම "ඩිජිටල් අත්සන්" හෝ හඳුනාගැනීමේ ක්‍රමවේද භාවිතා කිරීමට සිදුවෙලා තිබෙනවා.

ඉතින් කොහොමවුණත් ආරක්ෂක අංශවලට වගේම සයිබර් අපරාධකරුවන්ටත් AI තාක්ෂණය පාවිච්චි කිරීමේ හැකියාවක් මේ වෙන කොට තිබෙනවා. මිනිසුන්ව රවටා මුදල් ලබාගැනීමට (Phishing) වගේම බැංකු ගිණුම්වලට ඇතුළු වෙන්නත් එයාල වඩාත් දියුණු මෘදුකාංග භාවිතා කරනවා. මේ නිසා අපි හැමදාටම වඩා විමසිල්ලෙන් ඉන්න ඕන කාලයක් තබයි 2026 කියලා කියන්නේ.

ඒවගේම AI තාක්ෂණය හරහා සයිබර් අපරාධ නවත්වන්න තවත් හේතුවක් විදිහට 'ලෝකෙ පුරා සයිබර් ආරක්ෂණ විශේෂඥයින්ගේ හිඟය' දැකගන්න පුලුවන්. මේකට පිළියමක්  විදිහට තමයි 2026 දී ගොඩාක් ආයතන මිනිස් ශ්‍රමය වෙනුවට "AI ආරක්ෂක නිලධාරීන්" (Automated Security) යොදා ගන්නේ. ඒ හරහා දවසේ පැය 24 පුරාම ඔයාලගෙ දත්ත ආරක්ෂා කරන්න මේ AI පද්ධති ක්‍රියා කරනවා.

ඉතින් 2026දී මේ විදිහට AI තාක්ෂණය භාවිතා කරන එක ගැන ඔබට මොකද හිතෙන්නේ. පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.

Previous Post Next Post