Aluth Tech App තාක්ෂණික පුවත් එසැණින් දැනගන්න Aluth Tech ඇප් එක දැන්ම බාගත කරගන්න.
📥 DOWNLOAD APK NOW

වර්තමානය වන විට Google සමාගම Qualcomm සමාගමත් එක්ක එකතු වී පරිගණක ලෝකයේ විශාල පෙරළියක් කිරීමට සූදානමින් සිටිනවා. 

Qualcomm සමාගම කියලා කියන්නේ Semiconductors (චිප්සෙට්) සහ Wireless Technology (රේඩියෝ තරංග තාක්ෂණය) සම්බන්ධ නිර්මාණ නිපදවන සමාගමක්. ඉතින් මේ සමාගම් දෙක එකතු වෙලා එයාලගේ අලුත්ම Android පරිගණක නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මේක Google සමාගමේ තවත් Chromebook එකක්නම් නෙවෙයි. 

Chromebook කියලා කියන්නේ හරියට අපේ Phone එකේ තියෙන Android සහ Google Chrome බ්‍රවුසර් එකේ එකතුවක් වගේ. Windows වල වගේ Software install කරනවා වෙනුවට මෙහි ගොඩක් දේවල් internet එක හරහා (Cloud-based) තමයි සිද්ද වෙන්නේ. නමුත් Chromebook එකට වඩා මේ Android පරිගණකය හාත්පසින්ම වෙනස්. ලෝකයේ විශාල ප්‍රමාණයක් තමන්ගේ OS (operating system) එක කරගෙන තියෙන Android OS එක පරිගණකවලට දාන්න යන උත්සාහයක් විදිහට තමයි මේක අපට දකින්න පුලුවන් වෙන්නේ. 

ඔබට මතක ඇති මීට වසර කිහිපයකට පෙර Microsoft සමාගමෙන් Smartphone සඳහා වින්ඩෝව්ස් OS එක දාන්න දරපු උත්සාහය. 

2010 වසරේදී Microsoft සමාගම Windows Phone 7 හඳුන්වා දුන්නා. ඔවුන්ගේ අරමුණ වුණේ Apple (iOS) සහ Google (Android) වලට එරෙහිව තුන්වන බලවේගයක් ගොඩනගන එක. ඔවුන් ඒ හින්ද Live Tiles නමින් ඉතාම ලස්සන සහ වේගවත් User Interface (UI) එකක් හඳුන්වා දුන්නා. Microsoft සමාගමට තමන්ගේම ෆෝන් එකක් තිබුණේ නැති නිසා, ඔවුන් එකල ලෝකයේ අංක එකේ ෆෝන් නිෂ්පාදකයා වුණු Nokia සමාගම සමඟ ගිවිසුමක් ගැහුවා. පසුව Microsoft සමාගම විසින් Nokia හි ජංගම දුරකථන අංශය මිලදී ගත්තා. ඒ හරහා Nokia Lumia ෆෝන් පෙළ ලෝකය පුරා ඉතාම ජනප්‍රිය වුණා. නමුත් ඒ වැඩේ අසාර්ථක වුණා. මේක අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේකෙ තියෙන App gap එක(ඒ කියන්නෙ ගොඩක් App Windows වලට Support කරේ නෑ). උදාහරණයක් විදිහට YouTube, Instagram, WhatsApp වැනි App වල නිල සංස්කරණ ලැබුණේ ගොඩක් කාලෙකට පස්සේ. මේ හේතුව තමයි මේ උත්සාහය අසාර්ථක වෙන්න ගොඩක්ම බලපෑවෙ. ඒවගේම Windows Phone පාවිච්චි කරපු අයට අප්ඩේට් නොදීමත් මේ උත්සාහය අසාර්ථක වෙන්න එක හේතුවක් වුණා. කොහොම නමුත් එතනදි Microsoft සමාගම උත්සාහ කරේ Windows කියන OS එක touch interface එකකට හුරු කරන්න. නමුත් ඒ උත්සහය ඒ විදිහට අසාර්ථක වෙලා ගියා. 


නමුත් Google සමාගම මේ කරන්න යන වැඩේ ගැන කතා කරද්දි මෙයාල කරන්නේ සම්පූර්ණයෙන්ම මේකෙ අනිත් පැත්ත. ඉතින් මෙයාලගේ උත්සාහය තමයි දැනට ලෝකයේ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන Android OS එක පරිගණකවලට දාන්න යන එක. ඉතින් මේ වැඩේ අපිට ගොඩාක් සාර්ථක උත්සාහයක් විදිහට දකින්න පුලුවන්. ඉතින් මේ නිසා අනාගතයේදී පරිගණකය කියලා කියන්නේ වෙනම උපකරණයක් නෙවෙයි අපේ අතේ තියෙන Smartphone එකමයි. තවත් සරලව කිව්වොත් අපි ගාව තියෙන Smartphone එක පරිගණකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙනවා මේ වැඩේ හින්දා(mouse සහ keyboard දුරකථනයට සම්බන්ධ කරලා පරිගණකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්) මේකට හොඳම උදාහරණයක් තමයි Samsung dex කියලා කියන්නේ.


ඉතින් මේ වැඩේ සාර්ථක වුණොත් Apple සමාගමටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි Apple සමාගම එයාලගෙ device වලට OS වර්ග තුනක් පාවිච්චි කරන එක ( ios, ipados, mac os විදිහට OS තුනක් තියෙනවා) නමුත් මේ Google සමාගම කරන්න හදන්නේ එයාලගෙ සියලුම device වලට Android OS එක ඒ විදිහටම දාන්න යන එක. 

ඒවගේම මේක microsoft සමාගමටත් ඒගොල්ලන්ගෙ Windows පරිගණක වෙළඳපොලටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. හැබැයි මේ Google සමාගම තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් හිටියත් මේයාල marketing එක කරද්දි ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන තවත් සරලවම කියනවනම් මේ වෙද්දි ගොඩක් අය ගාව තියෙන්නෙ Windows සහ Apple පරිගණක. ඉතින් මෙතනදි මිනිස්සු හිතනව ඇයි මම මේ OS වලින් ඉවත් වෙලා Android OS එක තියෙන Computers වලට යන්නෙ කියලා. ඉතින් එතනදි මේ Google සමාගමෙන් මිනිස්සුන්ට සාධාරණ හේතුවක් දුන්නොත් ගොඩක් අය Android OS එකට මාරු වෙන්න පෙළඹෙනවා.

ඉතින් මේ Google සමාගම Qualcomm සමාගමත් එක්ක එකතු වෙලා කරන්න යන මේ වැඩේ සාර්ථක වුණොත් අපි ගාව තියෙන smartphone එකත් අපි ගාව තියෙන එකම පරිගණකය කියලා හිතන්න පුලුවන්. ඉතින් නිකමට හිතලා බලන්න ඔයා ගාව තියෙන smartphone එකත් Computer එකක් විදිහට පාවිච්චි කරන්න ලැබුණොත් මොකද හිතෙන්නේ? මේ විදිහ දෙයක් වුණොත් ඒක පරිගණක ක්ෂේත්‍රයේ වෙන විශාල පෙරළියක් විදිහට අපට දැකගන්න පුලුවන්. 

ඉතින් මේ ගැන ඔබට හිතන දේ පහළින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා








Previous Post Next Post