චීනයේ DeepSeek සමාගම විසින් නිකුත් කරන ලද ඔවුන්ගේ නවතම AI මාදිලි (V3 සහ R1), බටහිර ලෝකයේ OpenAI සහ Google සමාගම්වල මාදිලිවලට සමාන හෝ ඊට වැඩි දක්ෂතාවයක් පෙන්වීමට සමත්ව තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ OpenAI වැනි සමාගම් ඩොලර් බිලියන ගණනක් වැය කර පුහුණු කරන AI මාදිලි, DeepSeek විසින් ඉතා අඩු පිරිවැයකින් (ඩොලර් මිලියන 6ක් වැනි ප්‍රමාණයකින්) නිපදවා තිබීමයි.
මෙම තත්ත්වය නිසා ලොව විශාලතම AI චිප් නිෂ්පාදකයා වන Nvidia සමාගමට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. DeepSeek සමාගම පෙන්වා දී ඇත්තේ විශාල වශයෙන් Nvidia GPU ප්‍රමාණයක් අවශ්‍ය නොවී ඉතා සරල ක්‍රමවේද හරහා බලවත් AI නිපදවිය හැකි බවයි. කෙසේවෙතත් අද දිනයේදීත් ජාත්‍යන්තර කොටස් වෙළඳපොළ තුළ මේ පිළිබඳව දැඩි කතාබහකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
Source : Reuters, CNBC, Financial Times
